අමරනීය වූ තප්පරයෙන් පන්ගුව!!

විටෙක…පයට පෑගෙනා දුහුවිලි බදු වූත් තවත් විටෙක ගිරි මුදුන සිපගන්නා මුදු සුලග වූත් මතකයන් මා ජීවිතයේ තනිකොට තවත් වසරක අවසානය කෙමෙන් කෙමෙන් ලගා වෙමින් පැවතිනි.

අතරින් පතර…වලාකුලු…පැවතියද…නිල් පැහැති අහස් කුස… රතට හුරු තැබිලි පැහැයකට හරවමින් … ගාලු මුව දොර පිටිය මේ සැරසෙන්නේ…. තවත් සමුගැන්මකටය.

කැමරාව අතෙහි දරා …. මහ මුහුදේ ගිලෙන්නට යන… හිරු දෙස බලා සිටි වුන් මා හට … 2013 වසර අවසානය සටහන් කරගැනීමට … සුදුසු රූප රාමුවක් තවමත් හමු වුයේ නැත.

සිත නොසන්සුන්ය!
විනාඩි කිහිපයකින් …. මල හිරු බැස යනු ඇත.
මතකයේ රැදෙනා ජායාරූපයක් සොයමින් පැය ගනනක..පියමන් කර…
මනසට , මසැසට… දැනෙනා  මහන්සිය … මහ මුහුද පිසගෙන එන සුලගෙන් යම් තාක් දුරු විය.

එකිනෙකාට තුරුලු වී සිටියද…ලොකාපවාදයෙන් ගැලවීමට …හිරු කිරන වලට එරෙහිව එහලා ගත් කුඩ….තුල සැගව සිටිනා… පෙම්වතුන් මෙන්ම අනෙක විද ආර්‍ථික, සමජීය, දේශපාලනික ගැටලු වලින් මිරිකී පෙරපී ගත කරන්නට සිදු වී ඇති කරුමක්කාර ජීවිත රාමුවෙන් මිදී …. ඒ වෙනුවට සොබාදහමේ අසිරිය මුසු වූ මුහුදු තීරයකට පැමින… අනේක විධ වර්න මුසු සරුන්ගලයක් තම දරුවන් අතට දී… එම දරුවන්ගේ මුවගට නැගෙනා සිනහ හසරැල්..දෙස බලා .. සිතෙහි උපෙක්ශාව උපදවා ගන්නා… මැදි වියැති දෙමාපියන්… ගාලු මුව දොර පිටිය සැරි සරා ඔබ මොබ සිටිති!

තීරනාත්මක මොහොත ලගා වී ඇති නිසාම…දර්ශන දක්නයට(View Finder) මා දෑස යොමු කල සැනින්…

පිටුපසින් ඇති… බාධක නිසාම … පැහැදිලි රූප රාමුවක් සදහා …. බිම දිගා වන්නට සිදු වනු ඇති බව මා පසක් කොට ගත්තේ….මා සිතට නොදැනුවත්වමය.
අඩු වැඩි වන.. ආලොක තත්වය නිසාම… නිසි ද්වාර වේගය(Shutter speed), කාච විවර අගය (Aperture value), සහ පටල වේගය(ISO) .. විටින් විට වෙනස් කර ගත යුතුය.

මීලගට එලබෙන්නේ…. ජායාරූප ශිල්පියෙකුට.. වචනයෙන් පවසන්නට අසීරු අමරනීය වු වින්දනය මුසු තප්පරයෙකින් පන්ගුවක් වූ මොහොතකි!

එක්තරා මැදි වියේ මවක විසින් තම පුතු වෙනුවෙන් සුලගට මුසු වනු පිනිස … පින්තාරු කොට තිබු ‘දෑසක්’ අන්තර්ගත වු වර්නවත් සරුන්ගලයක් ඉහලට කොට එසවුවාය.
ඇය … එම සරුන්ගලය ඔසවා තැබුවේ 2013 වසරේ දක්නට ලැබෙනා අවසාන … ‘මල හිරු’ කිරනට එරෙහිවය.

මා හට වුවමනා වූ…. ජායාරූපය ….මා හට වුවමනා වූ.. අනාවරය තුල …. සටහන් කොට ගත්තෙමි.image

පැය කිහිපයකින් … ආපසු පෙරලා පැමින … මාගේ ලැප් ටොප් පරිගනකයෙන්.. එම ජයාරූපය ඇතුලු තවත් ජායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහලෙමි.

අන්තර්ජාතික ජායාරූප එජන්සියක් වූ ‘කොර්බිස් එමේජස්’ හි… මෙම ජයාරූප පල වී ඇති බව දුටු මා…. නව වසරෙහි… පලමු උදැසන අවදි වූයෙ.. නව සරට සුබා සිරි පල කොට එක පිට එක මා හට එවා තිබු… කෙටි පනිවුඩ…ජන්ගම දුරකතනයේ..සටහන් වන ශබ්දයටය…..

සෙමින්….දැස දුගු හැර… කෙටි පනිවුඩ පරික්ශා කොට ගෙන යන අතරේ… ඊ මේල් පමිවුඩ කිහිපයක්ද ..තිබුනි.

එයින්… එක් ඊ මෙල් පනිවුඩයක් මා හට එවා තිබුනේ… වසර කිහිපයකට පෙර අමෙරිකා එක්සත් ජනපදයේ මා හට ‘නව මාධ්‍ය භාවිතය’ පිලිබද දේශන ලබා දුන් කතිකාචර්ය කෙනෙකුන් විසිනි.


එහි සදහන් වූයේ… ‘නව වසරේ … ලොව සැමරූ ජායාරූප අතරේ…හොදම ජයාරූපයක් ලෙසින් , තාරක, නුබේ ජයාරූපයක් ලොව ප්‍රකට ‘ටයිම්’ සගරා වෙබ් අඩවියේ පලවී ඇත’ ලෙසටය!!
(http://world.time.com/2013/12/31/how-the-world-celebrates-new-years/photo/sri-lanka-new-years-evening-in-colombo/ )

වෙimage

බ් අඩවියට පිවිසි මා හට …. මාගේ…. නම ඇතුලත් මාගේ ප්‍රියතම ජායාරුපය …දිස් වුනි!

එම මොහොත.. අමරනීයය… එම මොහොත දෙවනි වන්නේ… එම ජායාරුපය හසු කර ගත් මොහොතට පමනි!

image